පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අදාළ පැමිණිල්ල අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.
කෙසේ වෙතත් මෙතෙක් ඊට අදාළ උපදෙස් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පැමිණිල්ල අගෝස්තු 7වනදා යළි කැඳවීමටත් එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියම කළා.
(colombotimes.lk)