23 October 2025

logo

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය



විදෙස් රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

මාතලේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ එය නුදුරේදීම ආරම්භ කරන බවයි .

එහිදී විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැළපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මඟ පෑදෙනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)