12 February 2025


වැඩි කළ බදු කිහිපයකට කැබිනට් අනුමැතිය



නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥා පනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.  

ඒ අනුව මෝටර් රථ, දුම්වැටි, පැණි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත් සියලුම අයිතම සඳහා වන නිෂ්පාදන බද්ද 2025-01-11 දින සිට ක්‍රියාත්මක වන පරිදි 5.9%කින් වැඩි කර තිබෙනවා.

එම තීරණය බලාත්මක කරමින් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය 2025-01-10 දිනැති අංක 2418/43 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.



(colombotimes.lk)