12 February 2025


පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්



පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34දෙනෙක් මෙම පිරිසට අයත් බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13වනදා සිට සහ 18වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අදාළ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)