නියමු ව්‍යාපෘතියක් ලෙස කොරියානු ජන රජයේ ඍතුමය සේවක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
කොරියානු රජය තම කෘෂිකර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍රවල ඍතුමය ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා E-8 විසා කාණ්ඩය යටතේ සෘතුමය සේවක වැඩසටහන හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එරට පළාත් පාලන ආයතනවලට කෙටි කාලයක් සඳහා විදේශීය සේවකයන් නීත්‍යානුකූලව බඳවා ගැනීමට ඉඩ සලසා දී තිබෙනවා.
එම වැඩසටහන් යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා අවස්ථාව සලසා දීමට හැකි වන පරිදි දෙපාර්ශ්වය අතර සහයෝගිතාව ඇති කර ගැනීමට කොරියානු ජන රජයේ පළාත් යහ නගර සභා (ප්‍රාන්ත) විසින් කැමැත්ත පළ කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් වසර 3ක කාල සීමාවක් තුළ වාර 3ක් දක්වා සේවය කිරීමට හැකි වන පරිදි නියමු ව්‍යාපෘතියක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජන රජයේ අදාළ පළාත් සහ නගර සභා සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.