04 July 2025

logo

කැනඩා පාර්ලිමේන්තුව විසුරුවා හරියි



කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කානී විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 28වනදා පවත්වන බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සිය අරමුණ බව ඔහු සඳහන් කළා.

ඔහු එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ කැනේඩියානු ආර්ථිකයක් ගොඩනැගීමට ශක්තිමත් ජනවරමක් ලබාදෙන ලෙසයි.

(colombotimes.lk)