15 March 2025


කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි



කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි දිවුරුම්දී තිබෙනවා.

ඒ ජස්ටින් ටෲඩෝ පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධූරයෙන් ද ඉල්ලා අස්වීමත් සමඟයි.

ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන මාර්ක් කාර්නි තේරී පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පක්ෂ සාමාජිකයන් 152,000කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබා ගනිමින් මාර්ක් කාර්නි හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බවයි.

(colombotimes.lk)