13 December 2025

logo

දමිතාට එරෙහි නඩුවක් කල්යයි



රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා සැප්තැම්බර් 13වනදා කැඳවන ලෙස අද (19) නියෝග කළා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට පරිඝනක අපරාධ කොට්ටාසය මඟින් චෝදනා ගොනු කර තිබෙනවා.

අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා සෑම මසකම අවසාන ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙස කළ කොන්දේසිය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)