20 February 2026

logo

කැතරින් වෙස්ට් අගමැතිනිය හමුවෙයි



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් හමුවී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

මෙහිදී දරිද්‍රතාවය තුරන් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික සමානාත්මතාවය ඇතුළු රජයේ ප්‍රමුඛතා රැසක් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් සහ clean Sri Lanka වැඩසටහන පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick ද සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)