ශ්‍රීලනිප සභාපතිට බාධා කිරීම වළකන වාරණය අද තෙක්



විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම සියලු පාර්ශවවලට වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගය අද (28) දහවල් 1.30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනෙක් විසින් කළ ඉල්ලීමකට අනුව එම වාරණය කඩුවෙල දිසා විනිසුරුවරිය විසින් ඊයේ (27) දිනය දක්වා ලබා දුන් අතර ඒ අනුව ඊයේ දනයේදී ඒ සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය යළි අධිකරණය හමුවේ ගනු ලැබුවා.

එහිදී වගඋත්තර පාර්ශවය අදාළ වාරණය ඉවත් කරන ලෙස පෙත්සමක් ගොනු කළ අතර ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එම වාරණය අද (28) දින තෙක් කල් තැබුවා. 

(colombotimes.lk)