03 March 2025


අඩු ආදායම්ලාභී පවුල්වල සංගණනය 75%කින් අවසන්



අස්වැසුම වැඩසටහනේ 2වන අදියර සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණනයෙන් ආසන්න වශයෙන් 75%ක් අවසන් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා යොදවා ඇති සංගණන නිලධාරීන් විසින් මෙම සංගණනය සිදු කරන බවයි.

ඒ අනුව ඉදිරි සතිය තුළ අයදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන්ගේ නිවෙස්වලට සංගණන නිලධාරීන් නොපැමිණෙන්නේ නම් ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)