නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ නොතීසි අනුව අද (03) අධිකරණය වෙත ඉදිරිපත් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් ජීවන් තොන්ඩමන් ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් 9දෙනෙක් මුදා හැරීමට නියෝග කළා.
ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනි ප්‍රබුද්ධිකා විසින්.
නුවරඑළිය පීරූ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලන අධිකාරියට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නොතීසිය නිකුත් කර තිබෙනවා.
එහිදී සැකකරුවන් පනස් දහස බැගින් වූ පුද්ගල ඇප 2ක් මත මුදා හැර යළි නඩුව ජූනි 09වනදා කැදවීමට නියෝග කළ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)