නාවික හමුදාව විසින් අද (03) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 197කට වඩා බරැති කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යාපනයේ අනලතිව් දූපතට උතුරින් වූ මුහුදේදීයි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් කේරළ ගංජවල වටිනාකම රුපියල් මිලියන 78 ඉක්මවන බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව සඳහන් කළේ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පේසාලේ සහ කරෙයිනගර් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)