03 March 2025


පළා​ත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරගැනීම ගැන දැනුම්දීමක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම අද (03) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
 
එහි සභාපති ආර්. එම්. ඒ. එල්.රත්නායක සඳහන් කළේ ඇප මුදල් තැන්පතු භාරගැනීම ලබන 19වනදා දක්වා සිදු කරන බවයි.

කෙසේ වෙතත් ලබන 08, 09, 13, 15 සහ 16 යන දිනවල ඇප මුදල් භාරගැනීම සිදු නොකරන බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)