ඉන්ධන බෙදා හැරීම පිළිබඳව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සංදේශයක් අද (03) ඛනිජ තෙල් බෙදුම්කරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් සමඟ සාකච්ඡා කරමින් ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගම් නියෝජිතයන් ඉල්ලා සිටියේ මෙම කාරණයට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගම් නියෝජිතයන් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡාවක් සඳහා කටයුතු සම්පාදනය කරන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියා.
(colombotimes.lk)