03 March 2025


මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා



මධ්‍යම කඳුකරයේ රාත්‍රී කාලයේදී ඝණ මීදුම් තත්ත්වයක් ඇති වීම හේතුවෙන් එහි රථ වාහන ගමනා ගමනයට බාධා ඇතිවී තිබෙනවා.

බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමඟ මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

පොඊසිය සඳහන් කළේ හැටන් - කොළඔ, හැටන් නුවරඑලිය A 7 ප්‍රධාන මාර්‌ගවලත් හැටන් අවට අතුරු මාර්‌ගවලත් මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි.

ඒ අනුව එම මාර්‌ගවල රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙස හැටන් පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)