31 January 2025


මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය රැස්වෙයි



මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම එහි සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (30) පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් කළ යුතු ඉදිරි වැ⁣ඩ කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ගිණුම් සකස් කිරීම සහ කඩිනමින් විගණන කටයුතු සිදුකිරීම, සේවා අවශ්‍යතා හදුනා ගනිමින් අනුමත පුරප්පාඩු අනුව පුරප්පාඩු පිරවීම, අවශ්‍යතා අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සඳහා  පුහුණු අවස්ථා ලබාදීම, සංස්කෘතික උරුමයන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා පහසුකම් සහ සනීපාරක්ෂාව සැපයීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)