03 February 2026

logo

ශ්‍රී ලංකා බලාපොරොත්තු ශක්තිමක් කරමින් චමීරගෙන් විශිෂ්ට පන්දු යැවීමක්



සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් T20 ක්‍රිකට් තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා එක්වුණේ වෙනස්කම් 3ක්ද සමඟයි.

ඒ අනුව පෙර තරගය සඳහා ක්‍රීඩා නොකළ කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ අද තරගය සඳහා කැඳවා තිබුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 128ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සිය පන්දුවාර 4 ලකුණු 24කට සීමා කරමින් කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වුණා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 129ක්.

(COLOMBOTIMES.LK)