20 May 2026

logo

ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට චමින්ද පතිරාජ පත්කරයි



ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඉරාජ් චමින්ද පතිරාජ පත් කිරීමටට 2025.05.19වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඔහු ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)