05 February 2025


චන්දිමාල්ගෙන් විශිෂ්ට අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ 30වන ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි.

සිය දෙවන ඉනිමේදී තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව මේ වන විට පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කරගෙන සිටිනවා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 348ක් ලබා ගත යුතුයි.

(colombotimes.lk)