03 May 2026

logo

නාසා ආයතනය ඉන්දියාවේ Chandrayaan-3 ඡායාරූප ගත කරයි



අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයේ Lunar Orbiter මඟින් සඳ මතුපිට Chandrayaan-3 ට අයත් වික්‍රම් හි ගොඩබෑම ඡායාරූප ගත කර තිබෙනවා.

ඒ අනුව වික්‍රම් Lander ය එම ඡායාරූපය මධ්‍යයේ කුඩා පැල්ලමක් ලෙස පෙන්වන බව සඳහන්.

එහි අඳුරු සෙවනැල්ල Lander ය වටා ඇති දීප්තිමත් Halo (විශාල දීප්තිමත් වළල්ලක් සඳ වටා ඇති කිරීමට හේතු වන දෘශ්‍ය මායාවක්) වලට එරෙහිව දර්ශනය වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk) 

Vikram: Nasa