දීපවාලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ පිටකොටුවේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය, මස්කෙලිය, නානුඔය හා යාපනය ඇතුළු ප්‍රදේශවලට අද (18) දිනයේ අතිරේක බස් රථ 75ක් යොදවා ඇති බවයි.
එමෙන්ම හෙට (19) දිනයේදී ද අතිරේක බස් රථ 73ක් කොළඹ සිට එම ප්‍රදේශවලට යොදවා තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (18) සහ හෙට (19) සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවයි.
(colombotimes.lk)