බගවන්තලාව ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා.
එමනිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ගමනාගමනයටද දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා.
Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ බගවන්තලාව කොටියාගල වතුයායේ පහළ කොටසේ මාර්ග රැසක් මෙසේ ජලයෙන් යටවීම නිසා වතු කම්කරුවන්ට ඔවුන් පදිංචි නිවාසවලට පවා ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවයි.
(colombotimes.lk)