ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී තිබෙන අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිලද ඉහළ ගොස් තිබෙනවා.
මෙරට රන් මිල පසුගිය අඟහරුවාදා දිනට සාපේක්ෂව රුපියල් 8,000කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක් රුපියල් 7,000කින් ඉහළ ගොස් තිබෙනවා.
එහි නව මිල ගණන් සටහන් වන්නේ රුපියල් 300,600ක් ලෙසයි.
පසුගිය අඟහරුවාදා දින එම මිල ගණන් රුපියල් 293,200ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රුපියල් 317,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 325,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)
