ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර 10කට පමණ පසු ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබෙනවා.
ඒ එළඹෙන නොවැම්බර් 2වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට එරෙහිව එළඹෙන නොවැම්බර් 21වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඊයේ (10) ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
