11 November 2025

logo

විනෝද චාරිකා ගිය පසු සෙල්ෆි ගන්න එපා - පොලීසිය



විනෝද චාරිකා , වන්දනාමාන සහ විවිධ චාරිකා පිටත්ව ගිය පසු තමන් ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පළකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

තමා පසුපස එන අපරාධකරුවන්ට සහ තමන්ගේ නිවාස හෝ දේපළ පිළිබඳව විපරමින් සිටින පුද්ගලයින්ට එය වාසි සහිත තොරතුරක් විය හැකි බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)