11 November 2025

logo

BYD වාහන තොගයක් ඇපකර මත මුදා හැරීමට නියෝග



ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබෙනවා. 

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව රේගුව භාරයේ රඳවා සිටි BYD Auto Premium 70 kW, Auto Dynamic 45 kilowatts, Auto Premium 45 kW, Dolphin Dynamic 70 kilowatts යනාදී කාණ්ඩවලට අයත් වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)