11 November 2025

logo

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට



දිවයින පුරා සිදු කරන විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (10) දිනයේ පුද්ගලයන් රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එහිදී දිවයින පුරා පුද්ගලයන් 31,594ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයන් 693දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
  
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 31දෙනෙක් හඳුනා ගෙන ඇති බවත් වරෙන්තුකරුවන් 288දෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 178දෙනෙක්ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
 
තවද බීමත් රියදුරන් 22ක් ද අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 16ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
 
එමෙන්ම රථවාහන වැරදි සඳහා පුද්ගලයන් 4,320කට නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)