03 July 2025

logo

ඇමරිකාව අතිරේක තීරුබදු පැනවීමට එරෙහිව චීනය නඩු මගට



ඇමරිකාව අතිරේක තීරුබදු පැනවීමට ප්‍රතිචාර දක්වමින් චීනය ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය යටතේ නඩුවක් ගොනු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong ඊයේ (27) මේ බව ප්‍රකාශ කළ බවයි.

මාර්තු මස 14වනදා ඇමරිකාව ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය යටතේ උපදේශන පිළිගත් බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීතිවලට අනුකූලව චීනය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

(colombotimes.lk)