colombotimes.lk
සිංහල | English

06 May 2024

චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් නාමල් හමුවෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් අතර හමුවක් පැවැත් වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන ගරු සන් හෙයාන් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ෂී ෂෙන් හොන් මහතා මෙම හමුවට එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ද සහභාගී වුණා.

(colombotimes.lk)