02 June 2026

logo

හෙද අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි



හෙද විදුහල්වලට 2026 වර්ෂය සඳහා අභ්‍යාසලාභීන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බවයි. 

එමෙන්ම 2021,2022,2023 සහ 2024 යන වර්ෂවල අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂයන් හදාරා ගැසට් පත්‍රයේ සඳහන්  සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් මේ සඳහා  අයදුම් කළ හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)