මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙක්ට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690ක් ලෙස සටහන් වී තිබෙනවා.
මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙක්ට මසකට අවශ්‍ය අවම වියදම මෙම නිල දරිද්‍රතා රේඛාව මඟින් ඇස්තමේන්තු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
