02 June 2026

logo

රුසියාවෙන් යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර



රුසියාව විසින් යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 9දෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි. 

එමෙන්ම පසුගිය මාසයේදී යුක්‍රේනයේ රුසියානු පාලන ප්‍රදේශයේ ලුහාන්ස්ක් කලාපයේ නේවාසිකාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 21දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනයට ප්‍රහාර දියත් කරන බවට රුසියාව විසින් අනතුරු අඟවා තිබෙනවා.

(colombotimes.lk)