24 February 2026

logo

මාස දෙකක් තුළ සිපෙට්කෝ තෙල් බංගලාදේශයට



ඉදිරි මාස දෙක තුළ ලිහිසිතෙල් අපනයනය කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා මේ වන විටත් බංගලාදේශයෙන් ඇණවුම් ඉදිරිපත් වී ඇති බවයි.

ලංකා ඛනිජ තෙල් පොදුසේවක සංගමයේ උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ අවුරුදු ප්‍රසාද දීමනාව ලබා දීමට තීරණය කර තිබෙන බවයි.


(colombotimes.lk)