කොළඹ ආනන්ද විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ ශාන්ත ජෝසප් විද්‍යාලය එක්ව දියත් කරනු ලැබූ 'Clean මරදාන' වැඩසටහන අද (04) කොළඹ ආනන්ද විද්‍යාලයීය පිවිසුම් දොරටුව අසලින් ආරම්භ වුණා.
ඒ 'Clean Sri Lanka' ජාතික ව්‍යාපෘතියට සමඟාමීව පරිසරය පිරිසිදු කිරීමේ හා ප්‍රජාව බලගැන්වීමේ අරමුණින්.
ආනන්ද විද්‍යාලයීය පිවිසුම් දොරටුව ආසන්නයේ සිට මරදාන දුම්රියපොළ දක්වා ප්‍රදේශය මේ හරහා පවිත්‍ර කිරීමට නියමිතව තිබෙනවා.
පාසල් 03හිම ශිෂ්‍ය නායකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙය ක්‍රියාත්මක වූ අතර සමාරම්භක අවස්ථාව සඳහා ශාන්ත ජෝසප් විද්‍යාලයේ අදියුරු ගරු රංජිත් අන්ඩ්‍රාදි පියතුමන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති D. M. L. P. දිසානායක මහතා, සහිරා විද්‍යාලයේ විදුහල්පති රිෂ්වි මරික්කාර් මහතා, මරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමන්, කොළඹ මහනගර සභා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.