01 February 2025


ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පාසල් පද්ධතියටත්



ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අපේක්ෂිත අරමුණු පාසල් පද්ධතිය කරා ගෙන යාමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ (31) පවත්වා තිබෙනවා.

ඒ  අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන ජී. එම්. ආර්. ඩී අපෝන්සු, එච්. එම්. කේ. ජේ. බී. ගුණරත්න ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් එම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරන්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

එහිදී සනීපාරාක්ෂාව, කසළ කළමනාකරණය, සිසුන්ගේ චර්යාත්මක හා ආචාරධාර්මික ගුණාංග වර්ධනය කිරීම යනාදී තේමාවන් මූලික කර ගත් වැඩසටහන් මාලාවක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

 
(colombotimes.lk)