ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මෙම ස්ථාන මාරුවීම් එළඹෙන 05 වනදා සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම් ගුණරත්න සබරගමුව පළාතට ස්ථාන මාරුකර තිබෙනවා.
එමෙන්ම කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. ඒ. එන්. එල් විජේසේන සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. ධර්මරත්න බස්නාහිර පළාත භාරව ස්ථාන මාරු කර තිබෙනවා.
(colombotimes.lk)