ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය තුළ ලබන 09වනදා නිළ වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එදින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස්යාය, දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් පිරිසිදු කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.
අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විවිධ ශ්‍රමදාන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් මෙම වැඩසටහන සිදු කරනු ලබනවා.
(colombotimes.lk)