කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 232.92කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,345.30ක් ලෙසයි.
එය පසුගිය 11වනදාට සාපේක්ෂව 1.42%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)