මෙවර පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදී පැවැත්වෙනවා.
මෙම විශේෂ සදහම් වැඩසටහන ආරම්භ කරමින් අශ්ඨාංග සීලය සමාදන් වීම රත්නපුර රත්ගඟ පුංචි දඹදිව විහාරයේ ගරු විහරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී, මුළු දිවයිනටම සාම විනිසුරු, විනය කීර්ති ශ්‍රී ශාසන විභූෂණ සද්ධර්මා වාගීශ්වර, අන්තර් ජාතික මානව හිමිකම් පිළිබඳ කාර්ය සාධක බලකායේ ක්‍රවුන් චාන්සර්, අමරපුර මහා නිකායේ චූලගන්දී පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය දෙවුම්පහළ දේවමිත්ත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
අනතුරුව පොසොන් පොහොයේ වැදගත්කම පිළිබඳ විශේෂ ධර්ම සාකච්ඡාව පැවැත්වුණා.
ඒ තෙල්දෙණියේ අමරඥාණ ස්වාමීන් වහන්සේගේ සහ කුට්ටිගල පාසිකෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
ඉන් අනතුරුව Colombo Times ධර්මාභිවන්දනා - සජීවී ධර්ම දේශනය තපෝවනයේ අරියධීර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ වන විට Colombo Times ධර්මාභිවන්දනා සම්බුද්ධ පූජාව පිළිගැන්වීම ප්‍රවීණ බෝධි පූජා දේශක රත්ගඟ පුන්‍යජි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු වනවා.
'Colombo Times ධර්මාභිවන්දනා' සජීවී විකාශය පහතින්,
(colombotimes.lk)