10 February 2025


ගාලු මුවදොර ආහාර වෙළෙඳුන් ලියාපදිංචිය අරඹයි



ගාලු මුවදොර ආහාර අලෙවියේ නිරත වෙළෙඳුන් ලියාපදිංචියට පියවර ගෙන තිබෙන බව කොළඹ නගර සභාව පවසනවා. 

එලෙස ලියාපදිංචි කර ඔවුන්ට ලියාපදිංචි ආහාර පරිහරණය කරන්නා යනුවෙන් සඳහන් හැඳුනුම්පතක්ද ලබාදීමට පියවර ගෙන ඇති බවයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ. 
 
ගාලු මුවදොර ආහාර අලෙවි කරන ස්ථාන වල තිබෙන අපිරිසිඳු භාවය සම්බන්ධව ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සලකා බලමින් මෙම පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)