19 May 2026

logo

වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට හෙක්ටයාරයකට ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි



පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් යල කන්නයේ සිදුවූ වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ලබාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ වී, බඩ ඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා මෙම වන්දි මුදල් අදාළ වන බවයි.

එමෙන්ම ඉදිරි දින 14 තුළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත වගා හානි පිළිබඳව දැනුම්දිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)