20 May 2026

logo

ලාල්කාන්ත ගොනු කළ පැමිණිල්ල සළකා බැලීම අද



රූපවාහිනි නාලිකාවකට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත ඉදිරිපත් කළ පැමිණිල්ල අද (23) සළකා බලන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
 
එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

රූපවාහිනී නාලිකාවක් සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා ඊයේ (22) පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

(colombotimes.lk)