අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් අතරමග නතර වූ කොළඹ නගරයේ මධ්‍යම ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති 10ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට එකඟතාවකට පැමිණි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
ඒ අදාළ ආයෝජන සමාගම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයී.
නිවාස 2,000කට අධික ප්‍රමාණයකින් යුත් මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 30කට අධික ආයෝජනයක් සිදු කෙරුණා.
ආර්ථික අර්බුදය හේතුවෙන් අමුද්‍රව්‍ය හා ඉන්ධන මිල ඉහළ යාම, අමුද්‍රව්‍ය හිඟය ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් වසරකට වැඩි කාලයක් මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ඇනහිට ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතා පැවසුවේ.
නිවාස ඒකකවල වටිනාකම ඉහළ නංවා නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට කොන්ත්‍රාත් ලත් සමාගම් කළ ඉල්ලීමකට නාගරික සංවර්ධන අධිකාරිය අනුමැතිය ලබා දී තිබෙනවා.
2023 වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතිවල ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)