19 May 2026

logo

කොන්සියුලර් සේවා ක්‍රමයෙන් යථා තත්ත්වයට



විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලේඛන සහතික කිරීමේ සේවාවන් දැනට සීමිත මට්ටමකින් යළි ආරම්භ කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවාවන් මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් පවතින බවයි.

එමෙන්ම පද්ධතිය හැකි ඉක්මනින් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික කණ්ඩායම් සමඟ කටයුතු කරමින් සිටින අතර පද්ධතියේ පවතින සීමිත ස්වභාවය නිසා සේවාවන් සැපයීමේදී සුපුරුදු කාලයට වැඩි වෙලාවක් ගත විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)