පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසනවා.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් කියා සිටියේ මේ වන විට වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා සති අන්තයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් ක්‍රියාත්මක කරන බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (08) දිනයේදී කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වැටලීම් කිහිපයක් සිදු කර තිබෙනවා.
එහිදී සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රැසක්ද දියත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)