08 February 2025


යෝජිත විදුලි බල පනත සංශෝධනයට මහජන අදහස් විමසීමේ කාලය දීර්ඝ කරයි



යෝජිත විදුලි බල පනත සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීමේ කාලය ලබන 14වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එයට අදාළ ලිඛිත අදහස් එදින හෝ ඊට පෙර අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටා ඇති බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිණ හෝ තැපැල් මඟින් යොමු කළ හැකි බවයි වාර්තා වන්නේ.

මෙම විදුලිබල පනත සංශෝධනයට අදාළ සංකල්ප පත්‍රිකාව මේ වන විට ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

(colombotimes.lk)