08 February 2025


ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි



ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ වියළි ඉඟුරු තොගයක් සමඟ දෙදෙනෙක් අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබූ ඉඟුරු කිලෝ 500කට අසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඉඟුරු ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථය සමඟ සැකකරුවන් දෙදෙනා කටුනායක රේගුවට භාරදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.   

(colombotimes.lk)