20 May 2026

logo

ගල් අඟුරු අර්බුධයේ අතිරේක පිරිවැය පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ නැහැ - මහජන උපයෝගීතා කොමිෂන් සභාව



ඉදිරි විදුලි ගාස්තු සංශෝධනවලදී ගල් අඟුරු ආශ්‍රිත ගැටලු හේතුවෙන් ඇති වූ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කොමිෂන් සභාව සඳහන් කළේ ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ සැපයුමේදී ඇති වූ විවිධ තාක්ෂණික හා පරිපාලනමය ගැටලු හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගියද එම බර සාමාන්‍ය ජනතාව මත පටවා විදුලි බිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන බවයි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ගාස්තු සංශෝධන යෝජනාවලදී මෙම ගල්අඟුරු සම්බන්ධ පිරිවැය බැහැර කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)