11 July 2025

logo

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කරයි



පසුගිය රජය සමුපකාර තොග වෙළඳ සංස්ථාව ඈවර කිරීමට ගත් තීරණය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

1949 අංක 47 දරන සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ යෝජනාවකට අනුව එම තීරණය අවලංගු කර තිබෙනවා.


(colombotimes.lk)